2007 සැප්තැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල එකවර රුපියල් 13කින් වැඩි කළේය. දැන් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 64කි. ග්රූම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 35කි.
පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නියමයන් නොසලකා ප්‍රීමා සමාගමට හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීමට ඉඩ ලබාදීමේ වරද වෙළෙඳ ඇමතිවරයා විසින් පටවා ඇත්තේ හිටපු වෙළෙඳ ඇමතිවරයකු වන රවි කරුණානායක වෙතය. රවි කරුණානායක කියන්නේ ඊට පෙර හිටපු වෙළෙඳ ඇමතිවරයෙකු වන රවුෆ් හකීම් වගකිවයුතු බවය. පාරිභෝගික ආරක්ෂක පනතට එකතු කර ඇති වැරදි විධිවිධාන නිසා ප්‍රීමා සමාගමට හිතුවක්කාරී ලෙස ක්රියාකරන්නට ඉඩ ලැබී ඇති බව මේ විෂය ගැන කතා කරන සියලු දෙනා දරන පොදු මතය වී තිබේ. වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වයට මුහුණ දිය හැකි ආකාරයට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවත්, එම සංශෝධන සම්මත කරගැනීමෙන් පසු ප්‍රීමා සමාගමට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට ලැබී තිබෙන ඉඩ අහෝසි වනු ඇති බවත්ය.
ප්‍රීමා සමාගමට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ බලය ලැබී ඇත්තේ පාරිභෝගික ආරක්ෂන පනතේ ඇති වැරදි හා අඩුපාඩුකම් නිසා පමණක්ද? නැත. ඒ බලය ප්‍රීමා සමාගමට ලැබී ඇත්තේ ආණ්ඩුව සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම නිසාය. පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කිරීමෙන් පමණක් ප්‍රීමා සමාගම පාලනය කළ නොහැකිය. ආණ්ඩුවට එය කළ හැකිවනු ඇත්තේ ප්‍රීමා සමාගමට තිරිඟු පිටි සඳහා ඒකාධිකාරී බලයක් ලබාදෙන ආකාරයට එම සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම සංශෝධනය කිරීමට හෝ ගිවිසුම අවලංගු කිරීමට හැකිවේ නම් පමණය.
විටින් විට ප්‍රීමා සමාගම සමග ශ්‍රී ලංකා ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ගිවිසුම් ශ්‍රී ලංකා රාජ්‍යයේ ද, රාජ්‍ය නායකයන්ගේ හා උසස් රාජ්‍ය නිලධාරීන්ගේ දූෂිත හා අධම ස්වරූපය පෙන්නුම් කරයි. •
පළමු ගිවිසුම
ංගප්පූරු සමාගම සමග ශ්‍රී ලංකාණ්ඩුව පළමු ගිවිසුම ඇති කරගත්තේ 1977 සැප්තැම්බර් 7 වැනිදාය. ඒ අනුව දිනකට තිරිඟු පිටි ටොන් 2200ක් ඇඹරිය හැකි පිටි කම්හලක් සිංගප්පූරු සමාගම සිය වියදමින් මෙහි ඉදි කළ යුතුය. ඒ සඳහා සමාගම දැරිය යුතු වියදම ඩොලර් කෝටි 3කි. මෝල ඉදිකිරීම සඳහා ආණ්ඩුව ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව සුදුසු ඉඩමක් සමාගමට නොමිලේ ලබාදිය යුතු අතර, ජල විදුලිය ඇතුළු යටිතල පහසුකම් ද නොමිලේ ලබාදිය යුතුය. මුල් වසර 8 සඳහා ආනයන බදු නිදහස හා ආදායම් බදු නිදහස සමාගමට ලබාදිය යුතු අතර, ඉන්පසු ඉදිරි වසර 12 ආදායම් බදු සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකාව ආණ්ඩුව ගෙවිය යුතුය. ශ්‍රී ලංකා ආණ්ඩුව වසරකට අවම වශයෙන් තිරිඟු ඇට ටොන් 435,000ක් සමාගමට සැපයිය යුතු අතර, අඹරණ තිරිඟු පිටි ටොන් 100කින් ටොන් 74ක් ආණ්ඩුවට නොමිලේ ලබාදී කුරුට්ට සහිත ඉතිරි පිටි ටොන් 26 තමන් වෙත තබා ගැනීමේ අයිතිය සමාගමට හිමිවේ. කුරුට්ටෙන් නිපදවන කුරුටු තෙල් (උයැ්එ ඊර්බ ධසක) වැනි අතුරු නිෂ්පාදන අපනයනය කිරීමේ හා ඉතිරි වන දේවලින් සත්ව ආහාර නිපදවා මෙරට අලෙවි කිරීමේත් අයිතිය සමාගමට හිමිවේ.
ගිවිසුම වසර 20කට වලංගු වන අතර, වසර 20 සම්පූර්ණවීමෙන් පසු එනම් 1998දී කම්හලේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුවට බාරදිය යුතුය. මෙම ගිවිසුම අනුව පිටි ඇඹරීමට අවශ්‍ය කරන ඇට ආණ්ඩුව විසින් සමාගමට ලබාදිය යුතුය. සමාගම විසින් අඹරන ලද පිටිවලින් කුරුට්ට සහිත පිටි 26%ක් තමන් වෙත තබා ගනිමින් ඉතිරි 74% ආණ්ඩුවට නොමිලේ ලබා දේ. පිටි විකිණීමේදී මිල නියම කිරීමේ බලය ආණ්ඩුව සතු විය. ෆැක්ටරිය තැනීම සඳහා ආණ්ඩුව විසින් දෙන ලද ඉඩමේ ප්‍රමාණය අක්කර 28කි.
තමන්ට වාසදායක ගිවිසුමක් ලබා දුන් ජයවර්ධන පාලනය අවසන් වන්නට පෙර තවදුරටත් තමන්ගේ වාසියට හේතුවන ලෙස ගිවිසුම අලුත් කරගැනීමට කල්පනා කළ සමාගම නැවත 1986 අප්‍රේල්වලදී ආණ්ඩුව සමග තවත් ගිවිසුමක් ඇති කරගත්තේය. •
දෙවැනි ගිවිසුම
වැනි ගිවිසුම අනුව ප්‍රීමා සමාගම වසරකට පිටි ඇඹරීම සඳහා මෝලේ ධාරිතා ශක්තිය ටොන් 420,000 සිට 700,000 දක්වා වැඩිකර ගැනීම සඳහා ඩොලර් 60 ලක්ෂයක් වැය කරනු ඇත. පළමු ගිවිසුම අනුව කර්මාන්තශාලාව භාරදීමට නියමිතව තිබුණේ අවුරුදු 20ක් සම්පූර්ණවීමෙන් පසු 1997දීය. නව ගිවිසුම අනුව එම කාලය අවුරුදු 25ක් දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව පිටි කර්මාන්තශාලාව ලංකා ආණ්ඩුව සතු වන්නේ 2003 වසරේදීය. ඇතිකර ගන්නා ලද එම නව ගිවිසුම අනුව තිරිඟු ඇට හෝ පිටි ප්‍රීමා සමාගමට හැර වෙනත් කිසිවකුට ආනයනය කළ නොහැකිය.
ජනාධිපති ප්‍රේමදාස මහතා බලයට පැමිණීමෙන් පසු තිරිඟු පිටි ආනයනය සඳහා ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් දස ලක්ෂ 100ක ණය ආධාරයක් ලබාගැනීමට සමත් විය. ප්‍රීමා සමාගම සමග ඇති කරගෙන තිබූ ගිවිසුම නිසා ප්‍රීමා සමාගමට හැර ශ්‍රී ලංකා ආණ්ඩුවට හෝ අන් කිසිවකුට පිටි ආනයනය කිරීමේ හැකියාවක් නැති බව තේරුම් ගත් ජනාධිපතිවරයා සමාගමේ කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා භාණ්ඩාගාරයේ නියෝජිත පිරිසක් යොදා ගනිමින් ප්‍රීමා සමාගම සමග සාකච්ඡා කළේය. එහෙත් කිසිම බුරුලක් දීමට සමාගම කැමති වූයේ නැත.
ඉන්පසු ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රීමා සමාගම සමග ඇති කරගෙන තිබුණු ගිවිසුම් ගැන සොයා බැලීමට 1989 මුලදී නිලධාරි කමිටුවක් පත් කළේය.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ශන්මුගලිංගම් මහතා ප්‍රීමා ගිවිසුම අළලා ලියන ලද රහස්‍ය වාර්තාවේ දෙවැනි ගිවිසුම ඇති කරගෙන තිබෙන ආකාරය විස්තර කොට ඇත්තේ මෙසේය.
““ගිවිසුම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ විරෝධය නොසලකා, නිරීක්ෂණ ලබා නොගෙන, කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් නොකොට, කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයේ වෙනත් කරුණු යටතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තම ඕනෑකම මත සිය ලේකම්වරයා ලවා මෙම ගිවිසුමේ අත්සන් කර තිබේ.””
එම රහස්‍ය වාර්තාවේ ගිවිසුමේ දූෂිත ස්වරූපය විස්තර කොට ඇත්තේ මෙසේය.
““මෙම ගිවිසුම ඇති කොටගෙන ඇත්තේ නිලධාරීන්ට අල්ලස් දීමෙන් බව මම ප්‍රකාශ කළෙමි. මෙම ගිවිසුම සම්බන්ධයෙන් වගකිවයුත්තා මෙම අමාත්‍යාංශයේ නිලධාරි සෙල්වරත්නම් මහතාය. සමාගමේ සේවය සඳහා යොදාගෙන සිටි ඔහු සාකච්ඡා සඳහා ද සහභාගි විය. අනෙක් නිලධාරියා හසන් මහතාය. ඔහු එවකට සිටි ආහාර කොමසාරිස්වරයාය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිංගප්පූරුවේ ප්‍රීමා සමාගමට විශාල වැටුපක් යටතේ එකතු විය.””
අපේ රටේ දේවල් සිදුවන ආකාරය කොතරම් ඛේදජනකද?
ඉතාමත් පුදුමසහගත දේ වනුයේ දෙවැනි ගිවිසුමේ කිසිම පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව සතු නොවීමය.
ජනාධිපති විජේතුංග පාලන යුගයේදී ලාබ ලබන තත්ත්වයක පැවති තෙල් සහ මේද සංස්ථාව ප්‍රීමා සමාගමට පවරා දෙමින් සත්ව ආහාර නිෂ්පාදනය හා අලෙවියේදී ද ප්‍රීමා සමාගමට ඒකාධිකාරී තත්ත්වයක් ඇතිකර දුන්නේය. තෙල් සහ මේද සංස්ථාව විකිණීමට ඇමති මණ්ඩලයට යෝජනා කළේ එවකට මුදල් ඇමති ලෙස ක්‍රියා කළ ඩී.බී. විජේතුංග මහතාය. යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු වහාම ප්‍රීමා සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා වෙත පෞද්ගලිකව ලියන ලිපියක් මගින් එම ආයතනය මිලදී ගන්නා ලෙස විජේතුංග මහතා ඉල්ලා තිබුණේ මෙසේය.
මගේ ආදරණීය ස්ටීවන්
මේ සමග අමුණා ඇති දැන්වීම බලන්න. ඔබ මේ ගැන කාරුණිකව ප්රීමස් මහතා සමග සාකච්ඡා කොට මෙම සංස්ථාව මිලදී ගැනීමට විධි විධාන යොදන්නේ නම් සතුටු වෙමි. කොන්දේසි පිළිබඳව ඔබට සාකච්ඡා කළ හැකිය.
සුභ පැතුම් සමග ඔබගේ හිතවත්
ඩී.බී. විජේතුංග
තුන්වැනි ගිවිසුම
මා සමාගමට අදාළ අවසාන රංගනය රඟදැක්වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදීය. 2001 ජූනිවලදී අත්සන් තබන ලද තුන්වැනි ගිවිසුම ජනාධිපතිනියගේම නිර්මාණයක් වන අතර, ඇමති මණ්ඩලයේ පවා අනුමැතිය ලබාගැනීමෙන් තොරව අත්සන් කර තිබෙන එම ගිවිසුමට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර හා එවකට රාජ්‍ය ව්‍යවසාය කොමිසමේ සභාපති ලෙස ක්‍රියා කළ මනෝ තිත්තවැල්ල යන දෙදෙනාය. ප්‍රීමා සමාගම වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ සමාගමේ ප්‍රධාන විධායක චෙන්ග් චී වොංග් ප්රීමාස් (Cheng Chih ණඅදබට ඡරසපමි) ය. ඒ අනුව 2003දී ශ්‍රී ලංකාවට අයිතිය බාරදීමට නියමිතව තිබුණු ප්‍රීමා සමාගම් ෆැක්ටරිය හා දේපළ (ෆැක්ටරිය සහිත අක්කර 28ක භූමිය හා කෝට්ටේ අක්කර 4 ඉඩම හා ගොඩනැගිලි) ඩොලර් දස ලක්ෂ 65කට ප්‍රීමා සමාගමට විකුණන ලදී. එහිදී ඇති කරගත් නව ගිවිසුම අනුව ඇඹරීම සඳහා ප්‍රීමා සමාගම ගෙන්වන තිරිඟු ඇට සඳහා අය කළ හැකි රේගු බද්ද පළමු වසර සඳහා 5%කි. එතැන් සිට 10%කි. ප්‍රීමා හැර වෙන ඕනෑම සමාගමක් තිරිඟු ඇට ආනයනය කරන්නේ නම්, අය කළ යුතු තීරු බද්ද 35%කි. ආරක්ෂක බද්ද 6.5%කි. පිටි ආනයනය කරන්නේ නම් 35%ක රේගු බද්ද හා 6.5%ක ආරක්ෂක බද්දට අතිරේකව 40%ක රේගු අධිභාරයක් ද ගෙවිය යුතුය. ඒ මගින් තිරිඟු ඇට ආනයනය හා තිරිඟු පිටි ආනයනය ප්‍රීමා සමාගම සතු ඒකාධිකාරි අයිතියක් බවට පත්කර ගත්තේය. පිටිවලදී මිල නියම කිරීමේ බලය ඇත්තේ ද ඔවුන්ටය. සහන මිලකට පිටි බෙදාහැරීම අවශ්‍ය නම් සහන මිල නිසා සමාගමට සිදුවන අලාභය ආණ්ඩුව විසින් සමාගමට ගෙවිය යුතුය. සහන මිල පදනමක් යටතේ ත්‍රිකුණාමල වරායේ ජැටිය හා රේගු පහසුකම් තවදුරටත් භුක්ති විඳීමේ අයිතිය ද සමාගම වෙත ලබා දෙන ලදි.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති ධුරයට පත් වහාම කිසියම් සමාගමක් තමාට ඩොලර් ලක්ෂ 5ක අල්ලසක් දීමට උත්සාහ කරන ලද බවට ප්‍රසිද්ධියේ චෝදනා කළාය. ප්‍රසිද්ධ චෝදනාවේදී ඇය සමාගමේ නම සඳහන් නොකළ ද අප්රසිද්ධියේ සිය හිතවතුන්ට කියා තිබුණේ එසේ කරන ලද්දේ ප්‍රීමා සමාගම බවය. එහෙත් පුදුමයකට මෙන් ඉන් අවුරුදු 7කට පසුව ඇය රටේ අවාසියට හේතුවන ලෙසත්, සමාගමේ වාසියට හේතුවන ලෙසත් ගිවිසුම අලුත් කළාය. ඒ සඳහා ලබා ගත් කප්පමේ ප්‍රමාණය දන්නේ දෙයියෝ පමණය.
පිටි අඹරන කම්හලක් හෝ දෙකක් රටට අවශ්‍ය වේ නම් රටේ පොදු යහපතට හේතුවන ආකාරයට ඒ අරමුණු සපුරා ගැනීමේ මාර්ග ඕනෑතරම් තිබුණි. එහෙත් අවසානයේ ඒ අරමුණ සපුරා ගත්තේ රටේ පොදු යහපතට හේතුවන ආකාරයට නොව, රාජ්‍ය පාලකයාගේ ආත්මාර්ථකාමී වුවමනාවන්ට ගැලපෙන ආකාරයටය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් කරන ලද ඒ වරද ප්‍රමාද වී හෝ නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබුණු විට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය කළේ ද ඒ ලැබුණු අවස්ථාව එය රටේ පොදු යහපතට හේතුවන ලෙස පාවිච්චි කරනු වෙනුවට සිය ආත්මාර්ථකාමී අභිලාෂයන් සපුරා ගැනීමට හේතුවන ආකාරයට පාවිච්චි කිරීමය. අවුරුදු 25කට පසුව ශ්‍රී ලංකා ආණ්ඩුවට හිමිවන පිටි කම්හල නැවත විකිණීමට අවශ්‍ය වී නම් ප්‍රීමා සමාගමට ද කම්හල මිලදී ගැනීමේ තරගයට සහභාගිවීමට ඉඩ ලැබෙන ආකාරයට හා පිටි වෙළෙඳ පොළේදී එම සමාගමට ඒකාධිකාරී බලයක් හිමි නොවන ආකාරයට ඒ ගනුදෙනුව කළ හැකිව තිබුණේය. එහෙත් එසේ කළේ නම් වැඩි මිලක් ලැබෙන්නේ ද වාසි ලැබෙන්නේ ද පොදුවේ රටට මිස එක් පුද්ගලයකුට නොවේ. එහෙත් අනුගමනය කළ ක්‍රමය පොදුවේ රටට අවාසිදායක වුවත්, ගනුදෙනුවේ යෙදුණු රාජ්‍ය නායිකාවට වාසිදායක විය.
දිගින් දිගට බලයට එන රාජ්‍ය නායකයන් තමන්ට ලැබෙන බලය අයථා ලෙස පරිහරණය කිරීමට බිය නොවන්නේ රාජ්‍ය නායකයා තනතුරෙන් පහව ගිය පසුවවත් තනතුරේ සිටියදී කරන ලද වැරදි සොයා බලන ක්‍රමයක් නොතිබීම නිසාය. මෙවැනි බරපතළ වැරදි නැවත නැවත ඇතිවීම වැළකිය හැකිවනු ඇත්තේ එවැනි ක්‍රමයක් ඇති කර ගැනීමෙන් පමණය. •