← The Bookshelf / පොත් රාක්කය
2017

පුනරුදයේ මාවත

The Path to Renaissance

ලංකාවේ අර්බුදය ජයගැනීම සඳහා බිහි වූ පුනරුද සමාජ ව්‍යාපාරය වෙනුවෙන් වික්ටර් අයිවන් රාවයට ලියූ ලිපි එකතුවකි.

A collection of the articles Victor Ivan wrote in Ravaya for the Punarudaya (Renaissance) social movement, which aimed to overcome Sri Lanka’s crisis.

Publisher — Ravaya Publishers

Edition — First printing 2017 (preface dated 8 July 2017).

ISBN — 978-955-7560-39-7

පුනරුදයේ මාවත යනු පුනරුද ව්‍යාපාරය ගැන වික්ටර් අයිවන් රාවයට ලියූ ලිපි එකතුවකි. ලංකාවේ අර්බුදය ජයගැනීම සඳහා සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව අළලා ඔහු ලියූ මුල් ලිපි, එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින සමාජ ව්‍යාපාරයක කලල රූපයක් බිහි කිරීමට හේතු විය. පසුව එම කලල රූපය පෝෂණය කිරීමේ අරමුණින් තවත් ලිපි ගණනාවක් ලියැවිණි. ඔහුට අනුව ලංකාවේ අර්බුදය හුදු වර්ග අර්බුදයක් නොව වර්ග හා කුල අර්බුදයකි. උතුරේ දෙමළ කැරැල්ල මෙන්ම දකුණේ කැරලි දෙකට ද කුලය වැදගත් සාධකයක් ලෙස බලපා ඇත. ව්‍යාපාරයේ අරමුණ වූයේ සමාජය සුවපත් කොට, ප්‍රකෘති තත්ත්වයට පත් කර, ජාතිය ගොඩනඟමින් රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරන දියුණු සමාජයක් ඇති කිරීම ය.

ලිපි විසිහතක් මෙහි ඇතුළත් ය. 2015 ජනවාරි විප්ලවයේ සීමා, සමාජ ව්‍යාපාරයක න්‍යායික ප්‍රශ්න, පුනරුද ව්‍යාපාරයේ දර්ශනය හා භාවිතය, වර්ගය, ආගම හා කුලය, අධ්‍යාපනයේ අර්බුදය, දුප්පත්කම, රවිරාජ් නඩුවේ තීන්දුව, නව ව්‍යවස්ථා සම්පාදනය, අධිකරණයට සිදු වූ විනාශය, ඉඩම් ප්‍රශ්නය, සහ ලංකාවේ වර්ග ප්‍රශ්නය හා මුස්ලිම්වරුන් එහි සාකච්ඡා වේ. පුනරුද ව්‍යාපාරයට දැනටමත් එක් වී සිටින අයට, අනාගතයේ එක් වන අයට, සහ ලංකාවේ අර්බුදය හදාරන්නන්ට මෙම පොත ප්‍රයෝජනවත් වේ.


The Path to Renaissance collects the articles Victor Ivan wrote in Ravaya about the Punarudaya (Renaissance) movement. His earlier articles on the need for a social movement to overcome Sri Lanka’s crisis led to the first stirrings of such a movement. He then wrote more to help it grow. In his view, the country’s crisis is not only ethnic but also one of caste. Caste played a key part in both southern insurrections as well as in the Tamil uprising in the north. The movement aimed to heal and steady society, build the nation and rebuild the state, creating a more advanced society in the process.

The book’s twenty-seven articles range widely. They cover the limits of the “January revolution” of 2015 and the theoretical questions facing a social movement. Others take up the movement’s philosophy and practice, race, religion and caste, the crisis in education, and poverty. The verdict in the Raviraj murder case is discussed, along with drafting a new constitution, the damage done to the judiciary, the land question, and the Muslim community and Sri Lanka’s ethnic problem. Ivan wrote it for those already in the movement, those who might join later, and anyone trying to understand Sri Lanka’s crisis.