ලංකාව ගලවාගැනීම යනු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳ වික්ටර් අයිවන් දිගු කලක් තිස්සේ ගෙන ගිය සංවාදය තර්කානුකූල අවසානයකට ගෙන යාමේ අරමුණින් ලියූ කෘතියකි. කතුවරයාට අනුව රටේ අර්බුදයේ මූලය එක් කේන්ද්‍රීය ගැටලුවකි. බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම්, කුල, වර්ග හා ආගම් භේද අවම කොට ශ්‍රී ලාංකික ජාතියක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගිය යුතුව තිබිණි. එහෙත් නිදහස් ව්‍යාපාරය තුළ හෝ ඉන් පසුව හෝ එය ඉටු නොවීය. විධායක ජනාධිපති ක්‍රමය ඔහු දකින්නේ එම විකෘති විකාශනයේ කූටප්‍රාප්තිය ලෙස ය.
කෘතිය කොටස් හතරකින් සමන්විත ය. පළමු කොටස එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සමඟ නිදහස දිනාගැනීමට ඉන්දියාව සමත් වූ අයුරු, ලංකාව එයට අසමත් වූ ආකාරය සමඟ සංසන්දනය කරයි. දෙවැන්න ලංකාවට වැරදුණේ කොතැනද යන්න ඓතිහාසිකව විමසයි. තුන්වැන්න 1947 සිට 2010 දක්වා දේශපාලනය ශීලාචාරකම අහිමි කරගත් ආකාරය විග්‍රහ කරයි. අවසාන කොටස ලංකාව බේරාගත හැකි මඟ යෝජනා කරයි. ගුණයහපත්කමෙන් හා බහුත්වවාදී ආකල්පවලින් යුත් නව සමාජයක් ගොඩනඟන ගාන්ධියානුවාදී විකල්ප දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව ඔහු එහි අවධාරණය කරයි.
Rescuing Lanka was written to bring Victor Ivan’s long-running argument about Sri Lanka’s social, economic and political problems to a logical conclusion. He traces the crisis to one central failure. The national state and democratic government inherited from the British needed a single Sri Lankan nation and a democratic society, with divisions of caste, race and religion kept to a minimum. That was achieved neither during the independence movement nor after it. He sees the executive presidency as the culmination of this distorted development.
The book is in four parts. The first compares India, which won independence together with a united nation and a democratic society, with Sri Lanka, which did not. The second asks, historically, where Sri Lanka went wrong. The third follows how politics lost its civility, period by period, from 1947 to 2010. The last part sets out how Lanka might be saved. It calls for a Gandhian alternative political movement to build a new society based on virtue and pluralism, one that could create a new Sri Lankan nation, a democratic society and a fitting political system.