වැනිදා පැවැත්වෙන අය-වැය විවාදයට සහභාගි වීම සඳහා ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට එන්නට නියමිත බවත්, ඇයට පනවන අසුන කුමක් ද යන්න පිළිබඳවත් ප්රශ්නයක් මතුවී තිබෙන බව පුවත්පත් වාර්තා කර තිබුණ.
78 ආණ්ඩු ක්රම ව්යවස්ථාව අනුව (33 වැනි වගන්තිය) ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට ආ හැක්කේ පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භයේ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනය ප්රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ ප්රකාශයක් කිරීම සඳහා හෝ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මංගල රැස්වීමක මුලසුන දැරිම සඳහා පමණය.
ජනාධිපතිවරයාට ජනාධිපති වශයෙන් මිස ඇමතිවරයෙකු ලෙස හෝ වෙනත් ආකාරයකින් පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකිය. ඇය එහි ආ විටක, මුලසුනේ මිස, වෙනත් අසුනක ද අසුන් ගත නොහැකිය.
එහෙත් මේ පිළිගත් මූලධර්මවලට එරෙහිව ජනාධිපතිනිය වරක් මුදල් ඇමති වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අය-වැය ඉදිරිපත් කරන ලද අතර, තවත් වරක් මුලසුනේ අසුන් නොගෙන ඇමතිගේ අසුනේ අසුන් ගෙන නව ආණ්ඩු ක්රම ව්යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
ඒ කිසිම අවස්ථාවකදි ජනාධිපතිනියගේ එම වැරදි ක්රියා කලාපයට එජාප විරුද්ධ වූයේ නැත. ඒ නිසා වැරදි සම්ප්රදායක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර, ඒ තත්ත්වය තවදුරටත් ඉදිරියට යන්නට ආණ්ඩුව ඉඩ හරි නම්, රටේ මූලික නීතිය ලෙස සැලකෙන ආණ්ඩු ක්රම ව්යවස්ථාව හාස්යජනක චිත්රපටයක් බවට පත්වන දිනය බොහෝ ඈත නොවනු ඇත.