සිය දෙනාගේ එකමුතුව පළමු කොට අරමුණ පිළිබඳව පොදු එකඟතාවකට ආ යුතුය. පුංචි පුංචි දේවල් කරන්නට නම් මෙවැනි විශේෂ එකතුවක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන් ලොකුවට සිතිය යුතුය. “නීතියේ පාලනය රජයන බේද (වර්ග, ආගම්, භාෂා, කුල හා ලිංග) නොසලකා සියලු පුරවැසියන් සමානයන් ලෙස සලකා ඔවුන් ආදරයෙන් රැක බලා ගන්නා රාජ්‍යයක් සඳහා වන දේශපාලන ක්‍රමයක් සහිත සාමකාමී හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්”” වැනි ලොකු ඉලක්කයක් සිය පරමාර්ථය බවට පත්කර ගත හැකිය. එම ඉලක්කය ජයගැනීම නම් ඊට ගැලපෙන දේශපාලන ක්‍රමයක් ඇති කරගත යුතුය. දේශපාලන ක්‍රමයක් නීතිගත කිරීම ව්‍යවස්ථාමය ක්‍රියාවකි. එවැනි ක්‍රියාවක යෙදීමේ බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයටය. සිය දෙනාගේ එකමුතුව දේශපාලන බලය අල්ලා ගැනීමට අපේක්ෂා නොකරන බැවින්, ඔවුන්ට කළ හැක්කේ අපේක්ෂා කරන පරිවර්තනය සඳහා අවශ්‍ය පරිවර්තන ක්‍රියාවලිය ආරම්භ කොට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සමාජ දේශපාලන වටපිටාවක් ඇති කරන මූලස්ථානයක් ලෙස ක්‍රියා කිරීමය.
අපක්ෂපාතී හා සාධාරණ විය යුතුවා සේ ම
එය පෙනෙන්නට ද තිබිය යුතුය
සිය දෙනාගේ එකමුතුව, බලය ලබාගැනීමේ අරමුණින් හෝ මොනයම් පක්ෂයකට ආධාර කිරීමේ හෝ වෙනත් ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියා කරන ව්‍යාපාරයක් නොවන බව හා පොදු යහපත පිණිස රටේ ගමන් මග යහමගට ගැනීමට අවංකව උත්සාහ කරන පිරිසක් බව දේශපාලන පක්ෂවල සේම මහජනයාගේ ද පළිගැනීමට හේතුවිය යුතුය. එකමුතුව විසින් කරනු ලබන විශ්ලේෂණයන් අවංක හා සාධාරණ බව ඔවුන්ට පෙනී යා යුතුය. මෙම එකමුතුවට ශක්තිමත් මුලපිරීමක් කිරීමේ ශක්තිය ධෛර්යය හා දැනට ඇති බව ද ඔවුන්ට පෙනී යා යුතුය.
ආරම්භක ඉල්ලීම් තෝරා ගැනීම
අපේක්ෂා කරන ඉලක්කය විශාල වන බැවින්, එය වහා දිනාගත නොහැකිය. දිනාගත යුත්තේ පරිවර්තනීය ක්‍රියාවලියක් ඔස්සේය. එවැනි පරිවර්තන ක්‍රියාවලියකට ශක්තිමත් මුල පිරීමක් ඇති කරන සාර්ථක මැදිහත්වීමකින් සිය කාර්ය ආරම්භ කළ හැකිය. එහිදී ඉක්මණින් දිනාගත හැකි ප්‍රායෝගික ඉල්ලීම් කිහිපයක් මුල් කොටගෙන මැදිහත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකිය. තෝරා ගන්නා ඉල්ලීම් කිහිපය දේශපාලන ගමන් මගෙහි කිසියම් යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන සියලු දෙනාගේ පිළිගැනීමට හේතුවන ඒවා විය යුතුය. තෝරාගත හැකි ඉල්ලීම් තුනක් මෙසේය. 1. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවියයුතු ව්‍යවස්ථා සභාව නොපමාව පිහිටුවන ලෙස ඉල්ලා සිටිය හැකිය. එය මතභේදයට හේතු නොවන ආණ්ඩු කරන ක්‍රියාවලිය කෙරෙහි බලපාන මූලික කරුණකි. මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රමවත් හා වැඩි දියුණු කිරීමට අවශ්‍ය වේ යැයි අපේ විශ්වාසය වන මුත් ක්‍රමවත් හා වැඩි දියුණු කරන ක්‍රියාවලියකට යන්නට පෙර නොපමාව ව්‍යවස්ථා සභාව පත් කිරීම වැදගත් බව ප්‍රකාශ කළ හැකිය.
2. කර්තෘ සංසදය ඇතුළු ජනමාධ්‍ය සංවිධානවල අධීක්ෂණය යටතේ නීතිපති විසින් අවසාන වශයෙන් කෙටුම්පත් කරන ලදුව කැබිනට් මණ්ඩලය විසින් ද අනුමත කරන ලද “තොරතුරු පනත” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලෙස ඉල්ලා සිටිය හැකිය. ඒ මගින් රාජ්‍යයේ පාරදෘශ්‍යභාවය සහතික කළ හැකි අතර, රාජ්‍ය අංශයේ සිදුවන දූෂණ ද ඒ මගින් කිසියම් ප්‍රමාණයකට පාලනය කළ හැකිය. 3. ජනවාර්ගික අර්බුදය ඇතුළු රටේ ඇතිවූ ලේ වැගිරීම් කෙරෙහි සමහර ජන කණ්ඩායම්වලට සමාන පිළිගැනීමක් නැතිකමේ ප්‍රශ්නය බලපා තිබේ. වර්ග, ආගම්, කුල හා ලිංග භේද නොසලකා සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලබාදෙන සමාන අයිතිවාසිකම් ප්‍රඥප්තියක් නීතිගත කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. එය වර්ග, ආගම්, කුල හා භාෂා මත ඇතිවී තිබෙන අර්බුදයට පරිපූර්ණ විසඳුමක් නොවෙතත්, අනාගතයේ ඇති කරගත හැකි විසඳුමක් සඳහා ශක්තිමත් අඩිතාලමක් ලබාදෙයි.
එවැනි නීතියකට විරුද්ධ වීමේ හැකියාවක් කිසිම දේශපාලන පක්ෂයකට නැත.
ක්‍රියාකාරී වැඩසටහනක්
1. පරිවර්තනීය ක්‍රියාවලියක් ආරම්භ කරගැනීම සඳහා ඉදිරියට ගතයුතු මූලික ඉල්ලීම් පිළිබඳව එකඟතාවක් ඇති කරගැනීමෙන් පසු එම ඉල්ලීම් හදිසි අවශ්‍යතාවක් ලෙස ඉටුකිරීමේ වැදගත්කම අවධාරණය කරන ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළ හැකිය. එය දේශපාලනඥයින්ට කරන ආයාචනයක් විය යුතුය. ඒ සමග එම ඉල්ලීම් දිනාගැනීම සඳහා දේශපාලකයන්ට බලපෑම් කිරීමේ හා ඒ සඳහා උද්ඝෝෂණය කිරීමේ වැදගත්කම එහිදී බහුජන සංවිධානවලට හා මහජනයාට ද අවධාරනය කළ හැකිය. එය සරල බසින් හා තර්කානුකූලව ලියන ලද ලියවිල්ලක් විය යුතු අතර, එකමුතුවට ඇතුළත් සියලු දෙනාගේ නමින් භාෂා තුනෙන්ම පළ කරන නිවේදනයක් විය යුතුය. එම නිවේදනය වෙළෙඳ දැන්වීමක් ලෙස ජනමාධ්‍යවල ප්‍රමුඛ තත්ත්වයක් ලැබෙන ලෙස පළ කරවා ගත යුතුය. එය මෙම එකතුව විසින් කරනු ලබන ආරම්භක ප්‍රසිද්ධ ක්‍රියාව විය යුතුය. (11) (අ) නිවේදනය පළකිරීමෙන් පසු එම ඉල්ලීම් දිනාගැනීම සඳහා නිවේදනයට පක්ෂපාත නිවේදන නිකුත් කරවා ගැනීම, සාමාජිකයන් දැනුවත් කිරීමේ වැදගත්කම හා ඒකාබද්ධ උද්ඝෝෂණ ව්‍යාපාරයකට යාමේ වැදගත්කම පිළිබඳව ද තෝරාගත් සංවිධාන සමග පළමුව වෙන් වෙන්ව සාකච්ඡා කළ යුතුය.
• සර්ව ආගමික සමුළුව හා ආගමික සංවිධාන සමග • විද්වත් වෘත්තීයවේදීන්ගේ සංවිධානය හා වෙනත් වෘත්තීයවේදී සංවිධාන සමග • වාණිජ මණ්ඩල සමග • විශ්‍රාමලත් හමුදා ප්‍රධානීන්ගේ එකමුතුව සමග • වෘත්තීය සමිති සංවිධාන සමග • පුවත්පත් ආයතනය, ජනමාධ්‍ය සංවිධාන, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් සමග • රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් මහජන සංවිධාන සමග (ආ) ඒකාබද්ධ උද්ඝෝෂණ වැඩපිළිවෙළකට එකඟ වන සංවිධාන ඇතුළත් වන ලෙස මූලස්ථානයක් ගොඩනගා ගැනීම හා උපාය මාර්ගික වැදගත්කමක් ඇති ප්‍රචාරක හා උද්ඝෝෂණ වැඩපිළිවෙළක් සකස් කරගනිමින් එය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම. මෙම වැඩපිළිවෙළට එකතුවන සංවිධාන නමින් මෙම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරවා ගැනීම. සිය සාමාජිකයන් දැනුවත් කරන වැඩසටහන් එම සංවිධාන ලවා ක්‍රියාත්මක කරවා ගැනීම.
සියලු සංවිධාන ඒකාබද්ධ ජාතික මට්ටමේ උද්ඝෝෂණ ව්‍යාපාරයකට යොමුවීම (පෝස්ටර්, බැනර්, ස්ටිකර් ව්‍යාපාර, වැඩමුළු හා සම්මන්ත්‍රණ, පුවත්පත්වලට ලබාදෙන සම්මුඛ සාකච්ඡා, රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්, කෑම පැයේ පිකටින් ව්‍යාපාර, ආගමික සිද්ධස්ථානවල ශ්‍රාවකයන් අමතා කරන ධර්ම දේශනා) උද්ඝෝෂණ ව්‍යාපාර උච්චතම තැනකට ගැනීමෙන් පසු එම ඉල්ලීම් තුන සඳහා සහයෝගිතා සතියක් ප්‍රකාශ කොට සහාය පළකිරීම සඳහා කිසියම් සංකේතයක් පැළඳ ගෙන සිටින වැඩපිළිවෙළක් දියත් කළ හැකිය. (¸¸¸) මහජන උද්ඝෝෂණ ව්‍යාපාර උච්චතම තැනකට ගැනීමෙන් පසු මහජන නියෝජිත සමුළුවකට සියලු දේශපාලන නායකයන් කැඳවා පොදු එකඟතාවකින් යුතුව මෙම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සඳහා වන කාල නියමයක් සහිත ප්‍රතිඥාවක් ලබාගත හැකිය. (¸¹) පළමු අධියර සඳහා දියත් කෙරෙන වැඩසටහනේ සාර්ථක, අසාර්ථකභාවය අනුව පරිවර්තනය වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා වැඩසටහනක් සඳහා පොදු එකඟතාවක් ඇති කරගනිමින් එය ක්‍රියාත්මක කළ හැකිය.